මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගම් දෙකක් සිය සේවකයින්ට විශාල වැටුප් වැඩිවීම් ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ටොයෝටා සහ හොන්ඩා සමාගම් පවසන්නේ දශක ගණනකට පසුව සිය සේවකයින්ට වැඩිම වැටුප් වර්ධකය මෙවර හිමිවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
විශේෂයෙන්ම ජපානයේ උද්ධමනය 4% සීමාවට වැඩිවී ඇති බැවින් උපයාගන්නා වැටුප ජීවත්වීමට මදිවී ඇති බවට ජනතාව මැසිවිලි නැගීම නිසා ජපන් රජය විසින් මිට මාස් කිහිපයකට පෙර සියළු සමාගම් වලින් සේවකයන්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා තිබෙනවා.